ප්රසිද්ධියේ කතා නොකලත් හැම කෙනෙක්ටම වගේ මේ පළවෙනි අත්දැකීම තියෙනවා. තාම ඒ අත්දැකීම නැති කෙනෙක් නම් ඉස්සරහට ඒ අත්දැකීම ගන්න බලාගෙන ඉන්නවා. සමහරු ඒ අත්දැකීම හැමදාම මතක හිටින විදියේ රසවත් අත්දැකීමක් කර ගන්නවා, ඒ අතරේ සමහරු තමන්ගේ මුළු අනාගතේම අනා ගන්නවා. ඔය කොහොම හරි, තමන්ගේ පළවෙනි ලිංගික අත්දැකීම ගන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් මේ පොස්ට් එක අන්න ඒ අයට.

වැදගත්ම දේ තමා අවුරුදු 16 ට අඩු කෙනෙක් එක්ක ලිංගිකව සම්බන්ධයක් පවත්වනවා නම් ඒක අනිවාර්යෙන්ම නීතියෙන් වරදක් වෙනවා. ගොඩක් වෙලාවට ළමා අපචාරය වරදට අහු වෙනවා. නීතියේ හැටියට ලිංගික සම්බන්ධයක් පවත්වන්න කැමැත්ත දෙන්න පුළුවන් අවුරුදු 16න් පස්සේ. හැබැයි අවුරුදු 16ට අඩු කෙනෙක්ට ලිංගික සම්බන්ධයක් පවත්වන්න කැමැත්ත දෙන්න බෑ. ඒ හින්දා තමන්ගේ කැමැත්තෙන් උනත් 16ට අඩු කෙනෙක්, වයසින් වැඩි කෙනෙක් එක්ක එකතු උනත් ඒකත් නීතියෙන් වරදක් වෙනවා.
ලිංගික සම්බන්ධ පවත්වන්න අවුරුදු 16න් පස්සේ කැමැත්ත දෙන්න පුළුවන් උනාට, විවාහ වෙන්න ඕනනම් ඒ දෙන්නගේ වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනා.

ලිංගික සම්බන්ධයක් පවත්වනවා කියන්නේ ගොඩක් වගකීම් සහගත දෙයක්. ලිංගික සම්බන්ධයක් පවත්වපු එකෙන් පස්සේ වෙන සේරම දේවල් වල වගකීම තමන්ට ගන්න වෙනවා කියලා දැන ගන්න. තමන්ගේ boy friend රූම් යමු කියලා බල කළා කියලා හරි, තමන්ගේ අනිත් යාළුවෝ සෙක්ස් කරලා තිබ්බා කියලා හරි, ඒ කවුරුත් හින්දා ඔයා ඒ දේ කරන්න ඕන නෑ.
ඔයාට ලිංගිකව එකතු වෙන්න ඕනද නැද්ද කියලා ඔයා ඔයාගෙන්ම අහලා බලන්න. ඔයා ගැහැණු ළමයෙක් නම් පළවෙනි පාර ලිංගිකව එකතු වෙන්න ගන්න තීරණේ තමන්ගේ ඉදිරි අනාගතේට ගොඩක් බලපාන්න පුළුවන්. ඒ හින්දා ඒ බරපතල තීරණේ තමන් ගන්න කාගේවත් බලපෑම් හින්දා කැමති වෙන්න එපා.
දෙන්නෙක් ලිංගිකව එකතු වෙනවා කියන එක ඒ දෙන්නගෙම කැමැත්තෙන් වෙන්න ඕන දෙයක් මිසක්, එක්කෙනෙක්ගේ කැමැත්ත මත වෙන්න ඕන දෙයක් නෙමේ.
විවාහ වෙලා ඉන්න දෙන්නෙක්ට උනත් මේක ඒ විදියටම අදාළයි. තමන් බැඳලා ඉන්නවා කියන එක තමන්ට ඕන වෙලාවක, free සෙක්ස් කරන්න හම්බුණ ලයිසන් එකක් නෙමේ. සෙක්ස් කරන්න කලින් අනිත් කෙනාගේ කැමැත්ත අහන එක කරන්නම ඕන දෙයක්.

කෙනෙක් බාහිර ස්වරුපයෙන් බොහොම සාමාන්ය කෙනෙක් විදියට පෙනුනත් සමහර විට එයාට ලිංගිකව සම්ප්රේෂණය වෙන රෝගයක් තියෙන්න පුළුවන්.
මේක ඔයාගේ පළවෙනි ලිංගික අත්දැකීම උනාට ඒක එයාගේ පළවෙනි පාර නොවෙන්න පුළුවන්. ඒ හින්දා එයා කලින් එකතු වුනේ කා එක්කද? ඒ කෙනාගේ කලින් චර්යාව මොන වගේද? එයා කර ගන්න ඕන පරීක්ෂණ කරගෙන තියෙනවද කියෙන දේවල් ගැන බලන්න.
එකතු වෙන වෙලාවට කොන්ඩම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. කොන්ඩම් එකකට වඩා අරන් යන්න. ඒවා ඕන වෙයි. එකක් ගලව ගලව ආයේ ආයේ දාන්න යන්න එපා. මොන හේතුවක් හින්දා හරි එකක් ගලවන්න උනොත් අලුත් එකක් දාලා පටන් ගන්න.

විශේෂයෙන්ම ගැහැණු ළමයි මේ ගැන වැඩියෙන් හිතන්න ඕනා. ගොඩක් දෙනෙක් මේ දේවල් ගැන දන්නේ නෑ. ලිංගික සම්බන්ධ පවත්වලා ගැබ් ගත්තට පස්සේ තමා ඒ ප්රශ්න වලට උත්තර හොයන්නේ.
ඒ වගේම පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කරලා සංසර්ගය කරන්නේ නැතුව, යෝනියට පිටින් ශුක්රාණු තැවරුණත් ඒවා ඇතුලට ගිහින් ගැබ් ගන්න පවා පොඩි අවදානමක් තියෙනවා. එහෙම වෙන්න තියෙන අවස්තාව අඩු උනත් ඒ පොඩි අවදානම වත් ගන්න එපා. ඔයාලා දෙන්නා තාම විවාහ වෙලා නැත්නම් හැමවෙලේම safety first හිතන්න. විවාහ වෙලා නැත්නම් දෙන්නම උපත් පාලන ක්රම දෙකක් පාවිච්චි කරන එක හොඳයි. අඩුම තරමේ කොන්ඩම් එකක් වත් පාවිච්චි කරන්න.

ඇල්කොහොල් ටිකක් ඇඟට වැටෙද්දී මුලින්ම අර තියෙන ලැජ්ජාව, බය, සාංකාව ටිකක් අඩු වෙලා පොඩි liquor courage එකක් එනවා. ඒත් ඇඟට තව ඇල්කොහොල් වැටෙනවත් එක්කම ඒක නැති වෙලා යනවා. සිහිය නැති වෙලා යන එකත් එක්ක මොළයෙන් යැවෙන සංඥා හරියට යන්නේ නැති හින්දා පුරුෂ ලිංගයට යවන රුධිරය ප්රමාණය අඩු වෙලා පුරුෂ ලිංගය අප්රාණික වෙන්න පවා පුළුවන්.
ඒ වගේම උපත් පාලන ක්රමයක් පාවිච්චි කරන්න ඕනා, ලිංගිකව සම්ප්රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වෙන්න ඕනා කියන දේ දැන දැනත් ඇල්කොහොල් හින්දා ඒ දේවල් වැඩිය ගණන් ගන්නේ නැතුව ලිංගික එකතු වීම වෙලා අන්තිමේ තව තව ප්රශ්න වෙනවා.
ඒ හින්දා මතක තියා ගන්න පළවෙනි ලිංගික එකතු වීම හොඳ වෙන්න ඇල්කොහොල් වලින් උදව්වක් හම්බෙන්නේ නෑ.

පළවෙනි ලිංගික අත්දැකීම ගන්න යන තැන, දවස ගැන විතරක් නෙමේ. ඒක ගැන ඔයාලා දෙන්නා හිතන දේවල් කතා කර ගන්න. තමන් කැමති අකමැති දේවල් දැන ගන්න. තමන් ආස කරන තැන් දැන ගන්න. ඒ දේවල් අනිත් කෙනාට කියන්න. ඔයාලා කරන දේවල් නවත්තන්න ඕන සීමාව කතා කර ගන්න. රිදුනොත් නවත්තන්න කතා කර ගන්න.
ඒ දේවල් ගැන කතා කරන එකෙන් ඔයාලා දෙන්නව අපහසුතාවයට පත් වෙන්නේ නැති තැනට එනකම් ඒවා ගැන කතා කරන්න. ඒවා එයාට වචනෙන් කියන්න බැහැ කියන්නේ ඔයාලා දෙන්නා තාම පලවෙනි ලිංගික අත්දැකීමට සුදානම් නැහැ.

ඔය පළවෙනි පාර ලේ එන කතාව නම් තාමත් ගොඩක් දෙනා විස්වාස කරන වැරදි මතයක්. සමහර අයගේ නම් පළවෙනි පාරම කන්යා පටලය කැඩිලා ලේ එන්න පුළුවන්. ඒත් බහුතරයකට ඒක එහෙම වෙන්නේ නෑ. කන්යා පටලය කැඩෙනවා කියල කිව්වට ඇත්තටම ඕක එහෙම කැඩෙන දෙයක් නෙමේ, ඒක ඇදෙන දෙයක්.

P0RN වල දකින දේවල් නම් එදාට ඇත්ත වෙන්නෙම නෑ.
මම මේක හරියට කරනවද? එයා සතුටු උනාද දන්නේ නෑ. කොච්චර වෙලා කරන්න ඕනද? මම කරා ඇතිද දන්නේ නෑ. මම ලස්සනයිද? මගෙන් ගඳක් ආවද දන්නේ නෑ. ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන්. ඔය දේවල් ගැන හිතෙන performance anxiety එක නැති වෙලා සෙක්ස් කරන එකටත් හුරු වෙන්න ටික කාලයක් යනවා.
හොඳම අත්දැකීම පුහුණුවත් එක්ක ලැබෙයි.

පළවෙනි අත්දැකීම ඔයාලා දෙන්නටම ගොඩක් වටින එකක් වෙන්න පුළුවන්, ඒත් ඒ දේවල් වීඩියෝ කරලා තියා ගන්න හදන්න එපා. තාක්ෂණය ඒ වෙලාවට ගාව ගන්න එපා.
බොහොම පොඩි වරදකින් ඕක වැරදි කෙනෙක් අතට ගියොත් එතනින් එහා අනාගතේ ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.
ඒ හින්දා තව කෙනෙක් දැක්කට කමක් නැති දේවල් විතරක් වීඩියෝ කරනවා නම් කරලා තියා ගන්න.

ගොඩක් අය හිතනවා ගැහැණු ළමයෙක්ගේ කන්යා පටලය කැඩෙන එක හින්දා රිදෙනවා කියලා. බොහොම කලාතුරකින් කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. එත් ගොඩක් දෙනාට රිදෙන්නේ කන්යා පටලය කැඩෙන හින්දා නෙමේ, සෙක්ස් කියන දේට තාම ඇඟ හුරු නැති හින්දයි රිදෙන්නේ.
ඒ හින්දා එක පාරම ඇතුලට දාලා කරන්න යන්නේ නැතුව ටික ටික හිමීට වෙනත් දේවල් වලින් පටන් ගන්න. ලිහිසිකාරක (Lubricant) ෆාමසියකින් වගේ අරන් ගන්න, සෑහෙන අඩු ගානකට ගන්න පුළුවන් වගේම, ගොඩක් ප්රයෝජනවත්.

ඔයාලා දෙන්නා ලිංගිකව එකතු වුනා කියලා, ඒක එයාව ඔයාට ඕන ඕන විදියට පාලනය කරන්න හම්බෙන බලයක් නෙමේ. ගොඩක් පිරිමි ළමයි තමා මේ වැරැද්ද කරන්නේ. තමන්ගේ කෙල්ලව තමන්ට ඕන ඕන විදියට තියා ගන්න හදනවා. ගැහැණු ළමයිනුත් කලින් උන දේවල් හින්දා ඒ බයට මොන දේවල් හරි ඉවසගෙන පිරිමි ළමයා කියන කියන විදියට ඉන්නවා.
එයා එයාගේ පළවෙනි ලිංගික අත්දැකීම ඔයා එක්ක බෙදා ගන්න ආවේ ඔයා ගැන තියෙන විශ්වාසෙන්, ඒ හින්දා ඒ විශ්වාසය රකින්න. එයාව බය කරන්න වත්, blackmail කරන්න වත් යන්න එපා. පළවෙනි දවසේ යද්දී එයා ගැන තිබ්බ ආදරේ ඉන් පස්සෙත් තියා ගන්න. එයාව බලා ගන්න.
0 Comments