මේ පෝස්ට් එකේ තියෙන ප්රශ්න වලින් එකක් හැම ගැහැණු ළමයෙක්ටම ජිවිතේ කවදා හරි එන්න ඉඩක් තියෙනවා. ලිංගික සෞඛ්ය ගැන හිතන ගැහැණු කෙනෙක් නම් ඔයා මේ පෝස්ට් එක කියවලා බලන්න. තමන්ගේ යාළුවන්ට, GF ට, වයිෆ්ට මේක කියවන්න දෙන්න.

හැම ගැහැණු ළමයෙක්ටම ඔසප් වෙන එක හැම මාසෙකම වගේ වෙනවනේ. හැබැයි අපි හිතමු ඔසප් වෙලා රුධිර වහනය වෙන එක වෙන්න තියෙන දවසේ මොකක් හරි වැදගත් වැඩක් වැටිලා තියෙනවා කියලා. කොහේ හරි ට්රිප් එකක්, exam එකක්, වෙඩින් එක වගේ මොකක් හරි දෙයක් ඒ දවසට වැටිලා තිබ්බොත් හිතලා බලන්න දවසම ඉවරයිනේ. ඉතින් ඒ වගේ ප්රශ්න තියෙනවා නම් බය වෙන්න දෙයක් නෑ පීරියඩ් හැදෙන එක ඒ දවසේ නොවෙන්න පොඩ්ඩක් කල් දා ගන්න පුළුවන්. හැබැයි හෙට පීරියඩ් හැදෙන්න තියෙනවා නම් අද ඒක නවත්ත ගන්න බෑ. දවස් 3 කට කලින් වත් ක්රියාත්මක වෙන්න ඕනා.
මේකට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Norethisisterone කියන ටැබ්ලට් එක. මේක හෝමෝන පෙත්තක්. මේක උපත් පාලන ක්රමයක් විදියට පාවිච්චි කරන පෙත්තක් නෙමේ.
ඔයාට පිරියඩ් හැදෙන්න තියෙන දවසට දවස් 3 කට කලින් මේ පෙත්ත ගන්න ඕනා. එක පෙත්තක් මිලිග්රෑම් 5යි. දවසට පෙති 3ක් ගානේ ඔසප් වෙන එක නවත්ත ගන්න ඕන දවස වෙනකල් එක දිගට පාවිච්චි කරන්න ඕනා. හැබැයි එහෙමයි කියලා එක දිගටම මේක පාවිච්චි කරන්න හොඳ නෑ. දවස් 14 කට වඩා එක දිගට මේක පාවිච්චි කරන්න එපා.
තවත් කියන්න ඕන දෙයක් තමා දවසකට 3 ගානේ පෙති ගන්නකොට එක පෙත්තක් මඟ හැරුණොත් ඊළඟ පෙත්ත ගන්න වෙලාවට මඟහැරුන පෙත්තටත් එක්ක කියලා පෙති 2ක් ගන්න එපා. පෙත්ත මඟහැරුණු එක ගණන් ගන්නේ නැතුව සාමාන්ය විදියට එක පෙත්ත ගානේ ගන්න.
පෙත්ත ගන්න එක නතර කරලා දවස් 3ක් වගේ යනකොට සාමාන්ය විදියටම ඔසප් වෙන එක වෙයි. හිතු මනාපෙට ෆාමසියෙන් එක එක ටැබ්ලට් ගන්නේ නැතුව වෛද්යවරයෙක් හමු වෙලාම මේක ගන්නවා නම් හොඳයි.

මේ දවස් වල කෑම ටික ගන්න, බස් එකේ යන්න වත් ආදායම මදි කාලේ තව මාසෙන් මාසෙට පෑඩ්ස් වලටත් වියදම් කරන්න වෙන එක සෑහෙන බරක් නේද? ඒ මදිවට ඒවත් දැන් ගණන් ගිහිල්ලනේ. පෑඩ්ස් ගණන් ගියා කියලා මෙන්සස් දාට මොකුත් නොදා ඉන්නත් බැනේ. ඉතින් ඔය මාසෙන් මාසෙට පෑඩ්ස් වලට යන වියදම 0 කර ගන්න පුළුවන් ක්රමයක් තියෙනවා.
ඒ තමා menstrual cup, පිරියඩ් කප් කියලත් කියනවා. Google කරලා බලන්න ෆොටෝ එනවා. ඕක පාවිච්චි කරන විදියයි ඒ ගැන තව විස්තරයි කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා. ගිහින් බලන්න.
ඔසප් දවස් වලට පිට වෙන ලේ කප් එකට එකතු වෙන විදියට යෝනියට මේ කප් එක ඇතුල් කරන්න තියෙන්නේ. එතකොට මේක පාවිච්චි කරන එකේ තියෙන වාසි තමා මේවා.




එතකොට මේක යෝනි මාර්ගය ඇතුළට දාලා පාවිච්චි කරන එකක් හින්දා ඒ ගැන ගොඩක් දෙනෙක්ට එක ප්රශ්නයක් තියෙනවා.
ඒ තමා තමන් තාම කන්යාවියක් නම් මේ කප් එක පාවිච්චි කළාම කන්යා භාවය නැති වෙනවද කියන එක.
දෙන්න තියෙන උත්තරේ “නැහැ” කියන එක. කන්යා භාවය නැති වෙන්නේ ලිංගික සංසර්ගයක් කලොත්නේ. ඉතින් මේ කප් එක දැම්මා කියලා එහෙම දෙයක් වෙන්නේ නෑනේ. ඒ හින්දා මේක දැම්මා කියලා කන්යාභාවය නැති වෙන්නේ නෑ.
හැබැයි, කන්යා පටලයෙන් තමයි කන්යා භාවය ඔප්පු කරන්න වෙන්නේ කියලා හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා, මේ කප් එක පාවිච්චි කරන්න එපා. ඔයාට මේක ගැළපෙන්නේ නෑ.

ප්රෙග්නන්ට් ටෙස්ට් එක මුත්රා සාම්පල් එකකින් තමා කරන්නේ. ගෙදරදීම මේ ටෙස්ට් එක හරියට කර ගන්න පුළුවන්. සරලව කියලා දෙන්නම් කරන විදිය.
මේකට දවසේ ඕනම වෙලාවක ගත්ත මුත්රා සාම්පල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ෆාමසියකින් සෑහෙන අඩු ගානකට ඔය pregnancy test strap එකක් ගන්න ෆාමසියකට ගිහින්. පැකට් එකේ පටියක් වගේ දෙයක් තමා දාලා තියෙන්නේ.
ඉස්සෙල්ලම බලන්න expire වෙන්න තියෙන්නේ කවද්ද කියලා. ඊට පස්සේ මුත්රා සාම්පල් එකට ඔය පටිය ගිල්ලවන්න. දවසේ ඕනම වෙලාවක ගත්ත මුත්රා සාම්පල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගිල්ලද්දී බලන්න ඔය පටියේ උපරිම මට්ටම කියලා එක තැනක් ඊතලයකින් ලකුණු කරලා තියෙනවා. උපරිම මට්ටම කියන තැනට පල්ලෙහායින් වෙන්න තමා ගිල්ලන්න ඕනා. තප්පර 10ක් විතර මුත්රා සාම්පල් ඒකට පටිය ගිල්ලලා තියන්න.
තප්පර 10න් පස්සේ පටිය එලියට ගත්තම පෙනෙයි පටිය දිගේ මුත්රා උඩට යනවා. ඊට පස්සේ මොකක් හරි මේසයක් උඩ වගේ පැතලි පෘෂ්ටයක පටිය තියන්න. තියලා විනාඩි 5ක් බලන් ඉන්න. තාම බැඳලත් නැතුව ප්රෙග්නන්ට් ටෙස්ට් එක කරන්න වෙන අයට ඔය විනාඩි 5 අවුරුදු 5ක් වගේ දැනෙයි.
ඒ වේලාවෙන් පස්සේ ඔය පටියේ ඉරි දෙකක් මතු වුනොත් ඒ කියන්නේ ප්රෙග්නන්ට් ටෙස්ට් එක පොසිටිව්. පවුල් සෞඛ්ය නිලධාරි ව හරි, වෛද්ය වරයා හොයාගෙන යන්න වෙනවා පොසිටිව් උනා නම්.
තනි ඉරක් ආවා නම් නෙගටිව්. එක ඉරක් වත් ආවේ නැත්නම් ආයේ පටියක් දාලා ටෙස්ට් එක කරන්න වෙනවා.
හරි එතකොට කවදටද ටෙස්ට් එක කර ගන්න ඕනා?
සෙක්ස් කරාට පස්සේ ඊළඟට වෙන්න තියෙන ඔසප් රුධිර වහනය වෙන එක වුනේ නැත්නම් වහාම ටෙස්ට් එක කර ගන්න ඕනා. ඒ කරාම ටෙස්ට් එක නෙගටිව් උනොත් ආයේ සතියකින් ටෙස්ට් එක කර ගන්න.

දිනපතා ගන්න උපත් පාලන පෙති, ඩෙපෝ - ප්රොවෙරා එ.න්නත සහ අත යට තැන්පත් කරන කරල් කියන ක්රම උපත් පාලන ක්රම විදියට පාවිච්චි කරන අයට තියෙන ප්රශ්නයක් තමා ඒ දේවල් හින්දා මහත් වෙනවද කියන එක.
හැබැයි ඔය එක ක්රමයක් හින්දවත් මහත් වෙන්නේ නෑ.
වෙනවනම් වෙන්න පුළුවන් දේ තමා ඔය උපත් පාලනය් ක්රම පාවිච්චි කරද්දී ඇඟට ඇතුල් වෙන ප්රොජෙස්ටරෝන් (Progesterone) හෝමෝන හින්දා අහාර රුචිය වැඩි වෙන එක. ඉතින් ඒ හින්දා වැඩියෙන් කෑම කන්න හිතෙන එක තමා ඔය විදියට මහත් වෙන්න හේතුව. ආහාර පාලනය කරලා නිතර ව්යායාම කරනවා නම් ඔය ප්රශ්නේ එන්නේ නෑ. ඊළඟ සතියේ පෝස්ට් එක දාන්නේ, බර අඩු කර ගන්න එක ගැන. (කියලා හිතන් ඉන්නවා)

ගැහැණු ළමයි ස්වයංවින්දනය කලාට පස්සේ හරි, ලිංගිකව එකතු උනාට පස්සේ හරි කැක්කුම් (cramps) එන එක සාමාන්ය දෙයක්. එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා.
ගැහැණු කෙනෙක් සුරතාන්තයට පත් උනාම prostaglandins කියලා ද්රාවයක් නිකුත් වෙනවා. ඔන්න ඔය හින්දා මාංශපේශි හැකිලෙන්න ගන්නවා. ඒ විදියට මාංශපේශි හැකිලෙද්දී දැනෙන වෙන විපර්යාසය තමා ඔය කැක්කුම් (cramps) විදියට දැනෙන්නේ.
සුරතාන්තයට පත් වෙද්දී ගර්භාෂයේ මාංශපේශි හැකිලෙනවා. ඒ දවස් වලට පිරියඩ් වෙලාත් තියෙනව නම් ඕක ටිකක් සැරටම වෙනවා. ඔය හේතුව හින්දා බඩේ කැක්කුම් වගේ දැනෙන්න පුළුවන් කරලා ඉවර උනාම.
සුරතාන්තය ගොඩක් තදටම (intense) දැනෙනවා නම් ගර්භාශයේ විතරක් නෙමේ, ඇඟේ අනිත් තැන් වල තියෙන විශාල මාංශපේශි වලටත් ඔය කැක්කුම් යන්න පුළුවන්. ඒ කියන්නේ කකුල්, ඉන, තට්ටම්, කොන්ද වගේ තැන්.
ඔය වගේ දැනෙන කැක්කුම් ගොඩක් වෙලාවට ටිකකින් නැති වෙලා යනවා. ඉතින් මේ දේවල් ඒ තරම් බරපතලව ගන්න තරම් දේවල් නෙමේ. ඔය වගේ කැක්කුමක් දැනෙනවා නම් ඉස්සෙල්ලම සතුටු වෙන්න, මොකද ඒ කියන්නේ ඔයාට ඒ වෙද්දී හොඳ සුරතාන්තයක් ලැබිලා තියෙන්නේ.
හැබැයි දරා ගන්න අමාරු තරමේ වේදනාවක් දැනෙනවා නම් වෛද්ය ප්රතිකාර වලට යන එක හොඳයි.

සමහරු හිතන් ඉන්නවා බ්රා ඇන්දේ නැත්නම් පියයුරු එල්ලෙන්න බලනවා කියලා.
ඔය පියයුරු එල්ලා වැටෙන එකට මුලිකම හේතුව තමයි ගුරුත්වාකර්ශණය. ඒත් ඒකට කරන්න දෙයක් නැහැනේ. ඊට අමතරව පියයුරු එල්ලා වැටෙන්න තියෙන හේතු තමයි පියයුරු වල size එක, ගර්භණි බව, වයසට යෑම සහ දුම්පානය හින්දත් එල්ලා වැටෙන්න පුළුවන්. ඊට අමතරව ජාන ත් ඕකට බලපානවා.
බ්රා එකකට පුලුවන් පියයූරු උස්සලා තියන්න වගේම තමන්ට ඕන කරන හැඩයට ඒවා තියා ගන්න. ඒත් බ්රා එකකට බැහැ පියයුරු එල්ලා වැටෙන එක නවත්තන්න.
ඒත් ක්රීඩා කරද්දී සහ ව්යායාම කරද්දී වගේ වැඩ වලදී sports බ්රා එකක් අඳින එක හොඳයි. මොකද පියයුරු උඩ පහල යද්දී වෙන චලනය හින්දා පියයුරු වල සමබන්ධක පටක වලට වෙන හානිය (connective tissue break down) අඩු කර ගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඔය පටක හානිය හින්දා වෙන පියයුරු එල්ලා වැටෙන එක අඩු කර ගන්න. ඒ ඇරෙන්න නම් පියයුරු එල්ලා වැටෙන එක නවත්ත ගන්න වෙන විශේෂ උදව්වක් හම්බෙන්නේ නෑ බ්රා එකකින්.
නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න දවසට බ්රා එකක් නැතුව හිටියා කියලා මොකුත් වෙන්නේ නෑ.
මේ ගැන කරලා තියෙන පරීක්ෂණයේ ප්රතිඵල එක්ක කලින් විස්තරාත්මක පෝස්ට් එකක් දැම්මා. ඒකත් බලන්න.
අනික තමා නිදාගන්න වෙලාවට පල්ලෙහාට මොනා හරි අඳින්න ඕනද?
යෝනි මාර්ගය කියන්නේ කොහොමත් තෙත සහිත පරිසරයක්නේ. ඉතින් ඒ වගේ තැනක් කියන්නේ යිස්ට් වගේ දිලීර වර්ධනයට බොහොම හිතකර පරිසරයක්. තද යට ඇඳුම් අඳින එකෙන් වැඩියෙන් දහඩිය දාන හින්දා ඒකෙන් තව තව ආසාදන වගේ එන්න පුළුවන්. ඒ හින්දා පල්ලෙහාට හුලන් ටිකක් වදින්න යට ඇඳුමක් නැතුව නිදා ගත්තා කියලා ප්රශ්නයක් නෑ.

යෝනි මාර්ගය කියන්නේ අනිවාර්යෙන්ම පිරිසිදුව තියා ගන්න ඕන තැනක්. හැබැයි එහෙමයි කියලා යෝනි මාර්ගය ඇතුලට වතුර දාලා හෝදන්න යන්න එපා. වතුර විතරක් නෙමේ, වෙන කිසිම දෙයක් වත් දාන්න යන්න එපා. මොකද යෝනි මාර්ගයට පුළුවන් එයාටම තනියම පිරිසිදු කර ගන්න.
එහෙම නැති උනොත් එක එක ආසාදන එන්න පුළුවන්. ඒ හින්දා ඒ දේවල් ගැන වද වෙන්න එපා. යෝනි තොල් විතරයි වතුරෙන් පිරිසිදු කර ගත්තම ඇති.

හැම ගැහැණු කෙනෙක්ම වගේ ජීවිතේට එක පාරක් හරි මුහුණ දෙන ප්රශ්නයක් තමා මේකත්. Thrush, Candidiasis කියලත් මේකට කියනවා. ප්රධානම රෝග ලක්ෂණය තමා යෝනි මාර්ගයෙන් ශ්රාවයක් පිට වෙන එක. සුදු පාටින් කැටිති වගේ ශ්රාවයක් තමා සුද මේකෙදි යෝනියෙන් පිට වෙන්නේ. ඒ ශ්රාවය යෝනියෙන් පිටත ගෑවුනොත් කැසීම් පවා ඇති වෙනවා. කසලා තුවාලත් හැදෙන්න පුළුවන්.
මේක හැදෙන්නේ යීස්ට් වර්ගයට අයත් Candidiasis දිලීරය හින්දා. මෙන්න මේ දේවල් හේතු වෙන්න පුළුවන් ඕක ඇති වෙන්න.







මේක ගොඩක් අයට ඉබේම හොඳ වෙලා යනවා. ඒත් නිතර නිතර මේක එනවා නම් සහ ගොඩක් කාලයක් තිස්සේ සුව නොවී සුද යන එක තියෙනවා නම් වෛද්ය උපදෙස් ගන්න යන එක හොඳයි.
මේක වෙන එක වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල් තමා හොඳම දේ තමා, ලිංගාෂිත ප්රදේශයට වාතාශය ලැබෙන විදියට ලිහිල් සහ කපු යට ඇඳුම් අඳින්න.
අනිත් දේ සුවඳ සබන්. සේදුම්කාරක, සුවඳ විළවුන් වගේ දේවල් කිසිම වෙලාවක යෝනි මාර්ගය පිරිසිදු කරන්න පාවිච්චි කරන්න එපා.

ගැහැණු ළමයින්ගේ පියයුරු ගැන තමා ඔය ප්රශ්නේ වැඩි දෙනෙක්ට තියෙන්නේ. කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ ඇල්ලුවා, මිරිකුවා කියලා ඕවා ලොකු වෙන්නේ නෑ.
මොකද ඕවා ලොකුවට රවුමට තිබ්බට ඇතුලේ වැඩි හරියක් තියෙන්නේ මේදය. ඉතින් ඕක අල්ල අල්ල හිටියා කියලා එබෙනවා මිසක් ලොකු වෙන්නේ නෑ. මොකද මේදය කියන්නේ ඇල්ලුවා කියලා වැඩි වෙන දෙයක් නෙමේ.

මේක නම් එදා ඉඳන්ම මටම එපා වෙනකල් කියලා තියෙනවා. කමක් නෑ. පොදුවේ වැඩියෙන් තියෙන ප්රශ්නයක් හින්දා ආයේ මේකෙත් කියන්නම්.
කන්යා පටලය කියන්නේ යෝනි මාර්ගය වැහිලා තියෙන විදියට හැදිලා තියෙන සීල් එකක් නෙමේ. කන්යා පටලයේ කොහොමත් සිදුරු තියෙනවා. ඒ තියෙන්නේ ඔසප් වෙන දවස් වලට යන රුධිරය පිට කරන්න.
කාගේ හරි ඒ විදියට කන්යා පටලයේ සිදුරු නැත්නම් ඒක ඇත්තටම ප්රතිකාර ගන්න ඕන Imperfornate hymen කියන තත්වය. ඒ අයගේ අවුරුදු ගානක් තිස්සේ එකතු වුන රුධිරය ඔතන හිර වෙලා තියෙනවා.
ඉතින් කොහොමත් කන්යා පටලයේ සිදුරු තියෙනවා නම් පළවෙනි දවසේ කරද්දී කන්යා පටලය කැඩිලා ලේ එන්නේ නැති එක සාධාරණයිනේ. මොකද කන්යා පටලයේ දැනටම තියෙන සිදුරු වලින් ඕක අස්සට ඔබන එක ඇතුළට යන්න පුළුවන්නේ. එතකොට ආයේ සිදුරක් හැදිලා ලේ එන්න උවමනාවක් නැනේ. සමහර ගැහැණු අය ඉන්නවා එයාලගේ කන්යා පටලය කැඩෙන්නේ පළවෙනි දරු ප්රසුතිය වෙන දවසේ.
ඉතින් පළවෙනි පාර කරද්දී ලේ එනවද කියන ප්රශ්නෙට උත්තරේ හම්බුනා කියලා හිතනවා.
0 Comments